කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාවට ලෝකයෙන්ම හිමි තැන මෙන්න.

Covid-19 Sri Lanka
By Thaya Jan 29, 2021 06:48 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් නයින්ටීන් වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිව ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.

දෙවන ස්ථානය වියට්නාමයටත්, තෙවන ස්ථානය තායිවානයටත්, සිව්වන ස්ථානයට තායිලන්තයත් ශ්‍රේණිගත වී තිබේ.

හයවන ස්ථානයේ රුවන්ඩාව, හත්වන ස්ථානයේ අයිස්ලන්තය, අටවන ස්ථානයේ ඔස්ට්‍රේලියාව සහ නවවන ස්ථානයේ ලැට්වියාව පසුවෙයි.

ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ වල කාර්යක්ෂමතාව යොදා ගෙන තිබේ.

එම සටහනේ ඉන්දියාවට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි.

අදාළ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝවි ආයතනය පෙන්වාදෙන්නේ මෙම අධ්‍යයනයට චීනය දායක කර නොගත් බවය.

චීනය විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබානොදීම ඊට හේතුව බව ද එම ආයතනය සඳහන් කළේය. විශාල රටවලට සාපේක්ෂව කුඩා රටවල් සාර්ථකව කොවිඩ් එන්නත පාලනය කර ඇති බව එම ආයතනයේ පර්යේෂකයෙක් වන හර්වේ ලේමාහියුවේ පැවසීය.