අනියම් බිරිඳ සමඟ ලැගුම්හලට ගිය දෙදරු පියාට අත්වූ සංවේදී ඉරණම..

By Sewvandhi Sep 03, 2023 08:46 AM GMT
Report

අනුරාධපුර පොලීසිය පවසන්නේ, සිය අනියම් බිරිඳ සමඟ අනුරාධපුරයේ පෞද්ගලික ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයකු හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි. පොලිස් විමර්ශනවලදී මෙසේ මිය ගිය පුද්ගලයා අනියම් බිරිඳ සමඟ ලැඟුම්හල වෙත පැමිණ සිටි බවට අනාවරණය වී ඇත.

එදින දහවල් එකට පමණ ඔහු ලැගුම්හල තුළ දී හදිසියේ ම වැටීමකට ලක්ව ඇති අතර පසුව රෝහල් ගතකර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවට අනුව මෙය හදිසි හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට නිගමනය කර තිබේ.