රට බරපතල අනතුරක...වහාම ලොක්ඩවුන් කරන්න..නැතිනම් වෙනදේ මෙන්න.

Covid Corona PHI Colombo Sri lanka lockedown
By Aruna Apr 28, 2021 07:40 AM GMT
Aruna

Aruna

Report

 මේ වන විට රට පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා රට වහාම ලොක්ඩවුන් කිරීමට පියවර ගතයුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එසේ සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වෙන ලකුණු පහළ වී ඇතැයිද ඒ මහතා කියයි.

අද වන විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු PCI පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත වූ වහාම රට ලොක්ඩවුන් කර උප පොකුරු හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් විය යුතු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi