ශ්‍රී ලංකාව 381යි
Sri Lanka
By Thaya
එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 381කි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් ලබාගැනීමට සමත් විය.
එය දික්වැල්ල ටෙස්ට් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු ගණන වේ.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබාගත් අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 67 සහ ලහිරු තිරිමාන්න ලකුණු 43යි. පන්දු යැවීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තේය. එය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් 30 වැනි අවස්ථාව වේ.
38 හැවිරිදි ඇන්ඩර්සන් ක්‍රීඩා කරන්නේ ඔහුගේ 157 වැනි ටෙස්ට් තරඟයටයි.
මාක් වුඩ් ලකුණු 84ට කඩුලු 3යි.
