ට්‍රම්ප් විසින් පනවන ලද බද්ද අඩු වෙයිද? – බද්ද අඩු කිරීමට සාකච්ඡා දිගටම

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පසුගිය ජූලි 09 වන දින පනවන ලද 30%ක බද්ද තවදුරටත් අඩු කිරීම සඳහා මෙතෙක් පැවති සාකච්ඡා, එම බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අගෝස්තු 01 වන දින දක්වා ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (ජූලි 10) නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බදු පිළිබඳ ලිපියෙන් දැනුවත් වූ පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර, එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

ඒ අනුව, ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ජූලි 09 වන දින පනවන ලද 30% බද්ද තවදුරටත් අඩු කිරීමට අගෝස්තු 01 දක්වා කාලය තිබෙන බැවින්, එම කාලය තුළදී මෙතෙක් පැවති සාකච්ඡා ඉදිරියටත් ගෙන යන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

එම ලිපිය තීරු බදු ගිවිසුමක් නොව, ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සුහදතාව පළ කිරීමේ ලිපියක් (courtesy letter) බවද සඳහන් වේ.

මෙම සාකච්ඡාවේදී, ඇමෙරිකාව විසින් මීට පෙර පනවන ලද 44%ක බද්ද 30% දක්වා අඩු කිරීමට ඇමෙරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ නිලධාරීන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පිරිනමා ඇත.

හරක් කටාගේ බිරිඳව අල්ලලා නැහැ - එයා ගෙදරලු - මදුවන්තිගේ නීතීඥයින් කියයි

හරක් කටාගේ බිරිඳව අල්ලලා නැහැ - එයා ගෙදරලු - මදුවන්තිගේ නීතීඥයින් කියයි

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව එක්ව සිටියහ.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි