නිලධාරිනියක් සමග අනිසි ලෙස හැසුරුණු බවට ක්‍රීඩකයෙක් ට එල්ලවන චෝදනාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණය

Sri Lanka
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්, කණ්ඩායමට අනුයුක්ත කර ඇති සෞඛ්‍ය නිලධාරිනියක් සමග අනිසි ලෙස හැසිරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ එම මාධ්‍ය වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ට උපදෙස් දී ඇති බවය.

කණ්ඩායමේ කළමනාකරු ඔහුගේ වාර්තාව ලබාදුන් පසු, අවශ්‍යතාවයක් මතුවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් පවත්වන බවද ඔවුන් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

එම චෝදනාව එල්ලවී ඇති ක්‍රීඩකයා මේ වන විට එංගලන්තය සමග තරඟ කිරීමට නම්කර ඇති සංචිතයේ සාමාජිකයෙකි.

ReeCha