කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ක්‍රිකට් ජයග්‍රහණයක්….! මංගල තරඟයේ දී ම ප්‍රවීන්ගෙන් විශිෂ්ට දස්කම්….!

By Wasantha May 03, 2021 07:07 AM GMT
Wasantha

Wasantha

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1 – 0 කින් ජය ලැබීමට අද (03) සමත් විය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද පෙරවරුවේ සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 209කින් ජය ලැබීය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේ දී ලකුණු 178 කට කඩුළු 11ක් දවා ගැනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් විය.

ReeCha