දිස්ත‍්‍රික්ක කිහිපයක අහඹු PCR නවතන්නැයි දැනුම් දුන්නා.. ඉන් වසංගතය තවත් දරුණු වේවි..

By Wasantha Apr 29, 2021 10:07 AM GMT
Report

දිස්ත්‍රික්ක කිහිපයක වෙනදා සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට දිස්ත්‍රික් මට්ටමින් කරගෙන යමින් තිබූ අහඹු පරීක්ෂණ නවත්වන්නැයි බලධාරීන් විසින් දන්වා ඇති බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්ය.

මෙහි අරමුණ වන්නේ ආසාදිතයන් වාර්තා වීම අවම ලෙස පෙන්නුම් කිරීම බවද ඔහු පැවසීය.

ඉදිරි දින කිහිපයේදී ආසාදිතයන් තවත් වැඩි වශයෙන් වාර්තා වනු ඇතැයි ද පැවසු ඔහු මෙම අහඹු පරීක්ෂණ නවත්වන්නැයි දැනුම්දී ඇත්තේ එම ඉහල වාර්තා වීම අඩු කිරීමට බවද ඔහු පැවසීය.

නමුත් මෙම තීරණය හමුවේ සිදුවිය හැක්කේ තවත් වසංගතය තීව්‍ර වීම බව ද පැවසූ ඔහු පරීක්ෂණ කට්ටල වල හිගයක් ඇත්තේ නම් ජනතාව දැනුවත් කළ යුතු බවද පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now