රට වසා දැමිම පිළිබඳ ප්‍රභලයෙකු හෙළිකළ දේ මෙන්න... වැඩිදුර යන්න බැරි බව කියයි..

Sri Lanka Lock down Political Ajithi niwad kabral
By Aruna Aug 22, 2021 12:54 AM GMT
Aruna

Aruna

Report

රට අගුළු දැමීම කෙටිකර ගැනීමට සියලු ජනතාව එකාවන්ව කටයුතු කළ යුතුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එය ජනතාවගේ මෙන්ම රටේ ආර්ථිකයට ද එකසේ වැදගත් බවත් රට වසා තැබීම දැන්ම කෙටි කර නොගන්නේ නම් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඒ මහතා පවසයි.

රට අගුළු දැමීම හේතුවෙන් සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම ජන ජීවිතයටත් සිදුවන පාඩුව සුළුපටු නැතැයිද ඔහු කියා සිටියි.

රට වසා දැමීම නිසා රටේ ආදායම අහිමි වූවොත් ණය ගෙවීම ද කළ නො හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාසික වල වැටුප් ලබන්නන් සහ බැංකු තැන්පතුවල මුදල් ඇති අයට රට අගුළු දැමීමට කීම පහසු වුවත් එදිනෙදා ආදායමක් උපයා ජීවත්වන හතළිස් පන් ලක්ෂයක් පමණ වූ ජනතාව මෙම අගුළු දැමීමට කෙසේ මුහුණ දෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉහල අනුපාත වලට ණය ලබාගෙන සිටින ණය ගෙවන්නේ කවුද..

ඔවුන්ගේ දරුවන්න්ගේ අවශ්‍යතාවයන් ලබා දෙන්නේ කවුද..

ඉඩම් සින්න වන විට ඒවා නිදහස් කර දෙන්නෙ කවුද..

ඇමතිවරයා එහිදී යැයි තවදුරටත් ප්‍රශ්න කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha