40 ගුණයකින් ලෝකයේ වැඩියෙන්ම වස කන රට බවට ලංකාව පත් වෙයි...වෛද්‍යවරු අනතුරු අඟවයි.

Sri Lanka
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Report

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,


“අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවානම් ලෝකයේ වැඩිම වස කන්නේ ලංකාව. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු සිටින නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විෂ දාන්න එපා කියන එක. පාර්ලිමේන්තුව ඔබ තුමාන්ලා අතේ තියෙන්නේ. වස විෂ දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් යොදලා තමයි මේ ඉන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ ඉදලා අපේ තිබුණ ජාන ශක්තිය හින්දා මෙහෙම ඉන්වා මිසක් නැතිනම් මේ විදිහට වස කාල, පාංශු ජීවින් සියලුදෙනාම මරලා. “