රට පුරා නගර 100ක් ලස්සන කරන්න අනුමැතිය...ඔබේ නගරයත් ඒ අතර?
අසංවිධිත සහ අපිළිවෙළ නගර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වි තිබේ.
ඒ් අනුව, රට පුරා විසිරි ඇති නගර 100ක මූලික පහසුකම් වැඩි දියුණු කර ක්‍රමවත් හා අලංකාර කිරීම එම වැඩසටහන මගින් සිදු කිරීමට නියමිතය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
“සියක් නගර” යන නමින් මෙම වැඩසටහන හඳුන්වනු ලැබේ.
මේ යටතේ රට පුරා තිබෙන නගර මහජන හිතකාමී ප්‍රසන්න නගර බවට පත් කිරීමට නියමිතය.
මේ අතර නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය හේතුවෙන් ඉඩම් අහිමිවන පවුල් සඳහා නව නිවාස ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවකට ද අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගෙන ඇති ඉඩම්වල අනවසරයෙන් පදිංචි පවුල්, අනු පවුල් සහ පර්චස් 6 ට අඩු ඉඩම්වල පදිංචි පවුල් මෙන්ම දෙමටගොඩ ක්‍රිඩාංගණය ඉදිකිරීමට නියමිත ඉඩමෙහි අනවසරයෙන් පදිංචි පවුල් 1,100 කට නිවාස ලබාදෙනු ඇති.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කොලොන්නාව , හේනමුල්ල සහ මාලිගාවත්ත යන නිවාස ව්‍යාපෘතිවලින් මෙම පිරිසට නිවාස ලබාදීමට රජය තීරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |