අද සිට ශ්‍රී ලාංකිකයන්ට ජපානය තහනම් කරයි..
Japan
Sri Lanka
Indian
Bangladesh
By Aruna
ශ්‍රී ලාංකික සංචාරකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට ජපාන රජය තීරණය කර ඇත.
ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ජපානයට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත්බව ජපානය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලාංකිකයන්ට අමතරව බංග්ලාදේශ ජාතිකයන්ටද මෙම සංචාරක තහනම අදාළ වන බව ජපානය පවසයි.
මෙම සංචාරක තහනම අද (21 වැනිදා) සිට ක්‍රියාත්මක වේ.
එහෙත් මෙම රටවල් දෙකේ සංචාරය කරන ලද ජපාන පුරවැසියන්ට මෙම තහනම අදාළ නොවේ.
එම රටවල සංචාරයෙන් පසුව සිය රට පැමිණෙන ජපාන වැසියන් දින 06ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතුය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |