කොරෝනා හැදුනත් දින 05ක් නිවසට වී ඉදලා.. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙක් මිය යයි…

By Wasantha May 01, 2021 09:12 AM GMT
Report

තමන් හඳුනන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙකුට කොරෝනා රෝගී ලක්ෂණ තිබී දී ප‍්‍රමාදවී රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් මියගිය බව කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

අදාළ පුද්ගලයා රෝග ලක්ෂණ තිබිය දී රෝහල්ගත නොවී නිවසට වී දින 05ක පමණ කාලයක් සිට ඇති බවත් අවසානයේ අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට යොමු කළ ද ඔහු දින දෙකකින් පමණ මිය ගිය බවද ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී වෛද්‍යවරයා මේ අදහස් පල කරන ලදී.