ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනයේදී පොහොට්ටුවෙන් වෙන් වෙයි.

Sri lanka freedem party Sri lanka podujana peramuna Mayday Gotabayarajapakshe Besil rajapakshe
By Aruna Apr 20, 2021 06:13 AM GMT
Report

ඉදිරි මැයි පළවෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් තම පක්ෂය වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ සෙසු පක්ෂවලටද ඊට එක් වන්නැයි ආරාධනා කිරීමට තීරණය කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ සියලු පක්ෂවලට එම මැයි රැුලිය සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද පැවසූ ඔහු සඳහා වන ආරාධනා පත්‍ර ද යවන බව ද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන මැයි රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්වන බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.