ඇමරිකාවටත් රිදෙන්නම වැඩ පෙන් වූ අපේ වීරයාගේ වාර්තාව.

America Sri Lanka Sport Upun abeekoon
By Aruna Jun 11, 2021 07:17 AM GMT
Aruna

Aruna

Report

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් සියය ධාවන ඉසව්වේ 4 වන ස්ථානය දිනා ගැනීමට ඊයේ සමත් වුණා.

ඒ තත්පර 10.16ක දක්ෂතාවක් වාර්තා කරමින්.

තරගයේ ප‍්‍රථම ස්ථානය දකුණු අප‍්‍රිකාවේ අකානි සිම්බින් දිනාගත් අතර ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 10.08ක්. තත්පර තත්පර 10.1යි බින්දුවකින් තරගය නිම කළ බි‍්‍රතාන්‍යයේ චිජින්ඩු උජා දෙවන ස්ථාන දිනා ගත්තා.

යුපුන් අබේකෝන් සහ ලයිබීරීයානු ජාතික එමානුඑල් මාටාඩි තත්පර 10.16කින් තරගය නිම කළ අතර ඡායාරූප අවසානය අනුව තෙවන ස්ථානය ලයිබීරියානු ජාතික එමානුඑල් මාටාඩිට හිමි වුණා.

මෙම තරග ඉසව්වේදී සිවුවැන්න බවට පත් වූ යුපුන් අබේකෝන්, අමෙරිකානුවේ මයිකල් රොජර්ස්, අයිවර් කොස්ට් රාජ්‍යයේ අතාර් සිස්සේ වැනි ප‍්‍රබල කී‍්‍රඩකයින් පරාජය කිරීම කැපී පෙනුනා.

මෑත ඉතිහාසයේ මෙවැනි ලෝක මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලියකට එක් වූ එම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වන්නේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්.

ඔහුගේ ඉලක්කය වී ඇත්තේ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha