අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් පොලිස් නිලධාරී පිරිසක් යටකරගෙන යයි..02ක් මරුට.
Police
Rajagiriya
By Thaya
අද (23) උදෑසන රාජගිරියේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් අයෙක් මරුමුවට පත්වී තිබේ. රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී තිබේ.
ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්වී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයෙක් මරුමුවට පත්වී ඇති බවය. එසේම ඔවුන් විසින් එම අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටි වෙනත් කුඩා ලොරි රථයක සහායකවරයා ද අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ ගැටී තිබේ. ඉන් ඔහු ද එම අනතුරින් මරණයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වෑන් රථයේ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලවතුගොඩ පදිංචිකරුවෙකි.