පාසල් සිසුන්ට මෙන්න විශේෂ අවස්ථාවක්..

Opportunity
By Thaya Mar 23, 2021 06:19 PM GMT
Thaya

Thaya

Report

පාසල් සිසුන්ගේ ටැබ් පරිගණක පාසල්වලට බෙදාහැරීම සඳහා රැගෙන යන ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.

මෙම ටැබ් පරිගණක පාසල්වලට බෙදාහැරීම සඳහා රුපියල් කෝටියක් ඇස්තමේන්තු කර තිබූ හෙයින් එම වගකීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවැරීමට අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

ඒ අනුව කළ ඉහත දැනුම් දීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු එකඟතාව පළකර ඇත. ප්‍රථමයෙන්ම බස්නාහිර පළාතට ද, ඉන්පසු සෙසු පළාත්වලට ද පරිගණක නිකුත් කරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ඊයේ (22 වැනිදා) පැවැසීය.

පාසල් 1401 ක් සඳහා පරිගණක අනූහය දහසක් මෙලෙස බෙදා හැරේ. ලබන මාසය අවසාන වීමට පෙර මෙම පරිගණක පාසල්වලට ලබාදීම හැකිවනු ඇතැයිද ඉහත කරුණු දැක්වූ ප්‍රකාශකයා කීවේය.

ReeCha