විශේෂ මෙහෙයුම් ඒකකය මත් ජාවාරම් කරුවන් අධිකරණ වෙත ඉදිරිපත්කොට එක්කෝටි පනස්හත් ලක්ෂ හැට දෙදහස් අටසියයක (15762800/)දඩ මුදලක් රජයට.

Drugs
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

දිවයින පුරා පසුගිය වසර තුළදී සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් හා අනවසරයේ මහා පරිමානයෙන් ගංජා වගාවේ නිරත සැකකරුවන් 2764 දෙනෙකු වටලා අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් එක්කෝටි පනස්හත් ලක්ෂ හැට දෙදහස් අටසියයක (15762800/)දඩ මුදලක් රජයට ලබා දීමට කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.

මෙම වැටලිම් 2020 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සිදු කොට ඇති අතර කොරෝනා වසංගතය හමුවේ දැඩි පරිශ්‍රමයක් යොදා නීති විරෝධී මත්පැන් ජවාරම් කරුවන් නීතියේ රැහැනට හසු කර ගත් බව කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක පී.එන් හේමන්ත මහතා පවසයි.

කොරෝනා පැවතියත් පසු ගිය දෙසම්බර් මාසයට පමණක් වැටලීම් 377 ක් සිදු කිරීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. මෙහිදී මහාපරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 116 ක්,කසිප්පු ළග තබාගැනීම් 2040 ක් ,රටබීම සම්බන්ධ වැරදි 205 ක්, බලපත්‍ර නොමැතිව රා අලෙවි කිරීම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් 182 ක්, මහාපරිමානයේ පවත්වාගෙන ගිය ගංජා හේන් 07 ක්,කොටු කරගත් බව ද හේමන්ත මහතා පැවසුවේය. .මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සියයට පනහක් පමණක් මීගමුව ,මිනුවන්ගොඩ ,වත්තල,පුත්තලම ,ගාල්ල හා මාතර යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට කෝටි ගනණක දැඩ මුදලක් අයකර ගැනීමට සමත්වි තිබේ.

මී ට අමතරව මත්පැන් අලවෙිකිරීම සදහා බලපත්‍ර ලබාගත් හෝටල් ,ආපන ශාලා,රටබීම හල් 106 බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කරමින් සිටියදී වටලා එයින් සියයට 41 ක බලපත්‍ර ලාභීන් ගෙන් රුපියල් 77 33375 දඩ ආදායමක් අයකර ගෙන තිබේ. මෙහිදී බලපත්‍ර ස්ථානවල සිදු කරන වැරදි සම්බන්ධයෙන් එක් බලපත්‍ර ලාභියකු සදහා රුපියල් එක් ලක්ෂ අසුඅටදාස් හයසිය දහඅටක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත. ඉතිරි සියයට 71 සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මක කරනබවද පී.එන් හේමන්ත මහතා පැවසුවේය.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ පසුගිය 2016 වසරේ සිට කල වැටලිම් සම්බන්ධයෙන් සසදා බැලීමේදී පසුගිය 2020 වසරේදී සියයට තුන්සියයක් වර්ධනයක් ඇතිවි ඇතැයිද පැවසුවේය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරිි මහතාගේ උපදෙස් මත ,අතිරේක සුරාබදු කොමසාරිස් වසන්න දිසානායක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ,වැඩ බලන සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක පී.එන් .හේමන්ත මහතා ,ප්‍රධන සුරාබදු පරීක්ෂක වරයකුගේ, සුරාබදු පරීක්ෂක වරුන් හත්දෙනෙකු ,සැරයන් වරු තිදෙනකු ,නියාමක වරුන් විසි දෙනෙකු හා රියදුරන් හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කළහ.


GalleryGalleryGalleryGalleryGallery