රථ වාහන අයිතිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..

Police Ajith Rohana
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Thaya

Thaya

Report

කූඨ ලේඛන සකස්කර වාහන ජාවාරමක යෙදෙන පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කුලී පදනම මත ලබාගන්නා වාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකස්කර අඩු මුදලකට එම වාහන විකිණීම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇත. මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත. මෙම සැකකරුවන් තවත් අපරාධ 17කට පමණ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර මාතර, අනුරාධපුර සහ මන්නාරම යන ප්‍රදේශවලින් ඊයේ (05) දිනයේදී යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධි 3ක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කළේ තංගල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ද සොරකම් කරඇති බවට වාර්තා වූ බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙවැනි සොරකම් කිරීම් සිදුකරන ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය. ඒ හේතුවෙන් රියදුරන් සිය වාහන නවතා යෑමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කළයුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.