ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්..

Identity Card
By Thaya Mar 23, 2021 06:19 PM GMT
Thaya

Thaya

Report

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවන බවයි.

මේ අතර, ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිය ඉල්ලුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්නම් 0115 226 126 හෝ 0115 226 100 යන දුරකථන අංක ඇමතීමෙන් හැඳුනුම්පත් ලබා ගැනීම කඩිනම් කර ගැනීමට හැකි වනු ඇත. 

එමෙන්ම හැඳුණුම්පත් ලබා ගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවෙක් වේ නම් ඔවුන් ද ඉහත දුරකථන අංක ඇමතීමෙන් දිනයක් හේ අංකයක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.