සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ දැනුම් දීමක්.

Police Sri lanka
By Aruna Apr 28, 2021 04:19 AM GMT
Aruna

Aruna

Report

පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය.

මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු පොත් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමාකරන ලෙසය.

එහිදී උපසේවක නිලධාරියා විසින් පමණක් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තොරතුරු පොතෙහි සටහන් යෙදිය යුතු බවට ඉන් දැනුම් දී තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්ති වැළැක්වීමේ පියවරක් ලෙස එම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය විමර්ශන කටයුත්තක දී හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවකදීම පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් පමණක් භාවිත කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi