පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Police
By Thaya Mar 15, 2021 08:33 PM GMT
Thaya

Thaya

Report

පාසල් ළමුන් ප්‍රවාහනයේදී නිරෝධායන සහ සෞඛ්‍ය උපදෙස් සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මාර්ග ආරක්ෂක විදි අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය. මේ දිනවල රිය අනතුරු සිදුවීමේ වැඩිවීමක් ඇති බැවින් නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන ලෙස රියදුරන්ට දැනුම්දෙන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 12ක් පමණ මියයෑමේ ප්‍රවණතාවයක් ඇති බවත් පුද්ගලයින් 30ක් හෝ 40ක් තුවාල ලබන තත්ත්වයක් ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.