O/L සිසුන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්..

Education
By Thaya Mar 10, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව අද දින පෙරවරු කාලයේ පමණක් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි. කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් හෝ පොදු දේපලවලට අලාභහානි සිදුකළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් කටයුතු පුහුණු සැසිවලින් අනතුරුව ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

ReeCha