රටේ ජනතාවට කෙරෙන විශේෂ නිවේදනයක්...

By Wasantha Jul 16, 2021 07:54 AM GMT
Report

ශ්‍රී ලාංකික ජනතාවට අවදානම් සහිතව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

දැනට රට තුල හිස ඔසවා පැතිර යමින් පවතින හේතුවෙන් මෙම නිවේදනය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳව සහකාර අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කර ඇති බවයි වාර්තා වුනේ.

ඩෙල්ටා විකෘති ප්‍රභේදය රට තුල පැතිර යාම වැළැක්වීමේ වගකීම මහජනතාව සතු බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

මෙම වෛරසය පැතිර යාම කඩිනමින් සිදු වන අතර ඊට ජනතාව ද වේගයෙන් ගොදුරු විය හැකි බවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එම නිසා ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානමෙන් පසුවිය යුතු බවද ඇය පෙන්වා දෙනවා.

එසේ නැතිනම් විකෘති වූ ඩෙල්ටා පොකුරු ඇතිවීමේ ප්‍රවණතාව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳව සහකාර අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කර සිටියා.