හෙට විශේෂ මාධ්‍ය හමුවක්… පොලිස් ආරක්ෂාව වහා ඉල්ලයි…

Police Media
By Thaya Mar 01, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

හෙට දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට කටයුතු කර ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙසේ ආරක්ෂාව ඉල්ලා ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සම්බන්ධ දුෂණ වංචා චෝදනා හෙලි කරමින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බව එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුව නැවැත්වීම සදහා විවිධ ක‍්‍රම මගින් බලපෑම් එල්ල වන බවද ඒ මහතා කියා සිටී.