වැලි කැණීම් සොයා බලන්න කොළඹින් විශේෂ විමර්ශණ කණ්ඩායමක්..

Investigate
By Thaya Jan 26, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

මාරවිල ප්‍රදේශයේ සිදු කෙරෙන වැලි කැණීම් සම්බන්ධව මහජනතාව වෙතින් එල්ල වී ඇති විරෝධතාවන් සැළකිල්ලට ගනිමින් වහාම භූ විද්‍යා සමීක්ෂණ හා පතල්

කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා විමර්ශණයක් අරඹන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධව මේ වනවිට එම ප්‍ර දේශයේ පිරිසක් දැනටමත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. වැලි කැණීම් බලපත්‍ර උපයෝගී කර ගනිමින් නීති විරෝධී ලෙස හා එම ප්‍ර දේශයේ ජල උල්පත්වලට හානිවන අයුරින් කිසියම් පුද්ගලයෙක් කටයුතු කර ඇත්නම් එම පුද්ගලයින්ගේ වැලි කැණීම් බලපත්‍ර අහෝසිකරන ලෙසත් කටයුතු කරන්නැයි අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතාට උපදෙස් දී ඇත.


Gallery