සාමාන්‍ය පෙළ විභාගය සිසුන් සදහා විශේෂ බස් සේවාවක්

O/L
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Thaya

Thaya

Report

හෙට ඇරඹෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්‍ය මණ්ඩලය සදහා විශේෂ බස් සේවාවක් යොදවන බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයෙ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. මෙවර විභාගය සදහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් ගණන හයලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් දෙකක් වන අතර එම සිසුන්ට මෙන්ම විභාග කාර්‍ය මණ්ඩලය සදහා සේවා පහසුකම් සපයන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව විභාග කාල සටහන අනුව විශේෂ බස් රථ යෙදවීමක් සිදු කරන බවත් පැවසූ සභාපතිවරයා අතිරේක බස් සේවාවක අවශ්‍යතාවක් ඇත්නම් ඒ පිළිබදව ප්‍රාදේශීය කළමනාකරුවන්ගෙන් ඉල්ලිමක් කොට අදාළ බස් සේවාව ලබා ගත හැකි බවත් ඒ පිළිබදව ප්‍රාදේශීය හා ඩිපෝ කළමනාකරුවන් මේ වන විටත් දැනුවත් කර ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

ReeCha