කොළඹ ජනතාවට විශේෂ නිවේදනයක්..

Colombo
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Report

කොළඹ මහ නගර සභාව විසින් සියයට 10 ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි කාල සීමාව මාර්තු මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාළ වට්ටම හිමිවන්නේ මෙම වර්ෂයේ කාර්තු හතර සඳහා එකවර වරිපනම් බදු ගෙවීමේදි බවයි නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස්වරයා පවසන්නේ. එමෙන්ම මේ වසරේ ජනවාරි 31 වනදායින් පසු මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා සියයට 10 ක වට්ටම් ඇතුළත් කෙරෙනු ඇති. අදාළ ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවයි කොළඹ මහ නගර සභාව නිවේදනය කළේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.


Gallery