රන්ජන්ට නිවාඩු යෝජනාව කතානායක ප‍්‍රතික්‍ෂෙප කරයි.. මන්ත‍්‍රීකමත් අහෝසි වීමට නියමිතයි..

Ranjan
By Thaya Mar 10, 2021 07:18 PM GMT
Report

වසර හතරක කාලයකට බරපතල වැඩ ඇතිව සිර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුව මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාව අද ප්‍රතික්ෂේප කරනු ලැබිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමා හැකියාවක් නැති බවයි. එනිසා ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා භාර ගත නොහැකි බවද කතානායක වරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාස තුනක කාලායක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන අතර ඒ අනුව රාමනායක මන්ත්‍රීවරයාගේ ද මන්ත්‍රීධුරය අහෝසි වීමට නියමිතව තිබේ.