අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්..පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Mar 31, 2024 01:16 AM GMT
Aruna

Aruna

Report

පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් අද පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

පෙරේදා දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එය අද දිනයේ දී තවත් තීව්‍ර කර තිබීම විශේෂතවයක්.


Gallery
ReeCha