යුධ හමුදාපතිගෙන් මෙන්න විශේෂ නිවේදනයක්.. අතිශය ඔබට වැදගත්.

Covid Corona Shavendra Silva Sri lanka
By Aruna May 20, 2021 12:58 AM GMT
Aruna

Aruna

Report

 හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් නව කොරෝනා ආසාදිතයින් 3,623ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,343 දක්වා ඉහළ ගියේය.

මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා මරණ 36ක් ද වාර්තා වී ඇත.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....     
Join now


Gallery