දකුණු අප්‍රිකානු අති භයානක කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ

covid-19 south africa
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

දකුණු අප්‍රිකානු කොවිඩ් වෛරස් ප්‍රභේදය වන B 1.351 පළමුවරට ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බව වාර්තා වේ.

ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කර සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙක්ගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පැවසීය