තියුණු ආයුධයකින් පහර දී පියා ඝාතනය කළ පුත්‍රයෙක්

Police
By Thaya Mar 16, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

පුත්‍රයා විසින් උල් ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ පුවතක් නාවලපිටිය – නවකුරුදුවත්ත – කෙලිගෲප් වතුයායෙන් වාර්තා වනවා. 41 හැවිරිදි පුත්‍රයා විසින් සිය 71 හැවිරිදි පියා, ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පියා බීමතින් සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පුත්‍රයා විසින් මෙලෙස උල් ආයුධයකින් පියාට පහරදී ඇති බව සඳහන්. සැකකාර 41 හැවිරිදි පුත්‍රයා පදිංචි නිවසට පහලින් පියා පදිංචිව සිට ඇති බවත් දෙදනා දිනපතා බිමත්ව පැමිණ ආරවුල් ඇති කරගන්නා බව ප්‍රදේශවාසින් පවසනවා. සැකකාර පුත්‍රයා පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා