පුතා පිහියෙන් ඇන පියා ඝාතනය කරයි…

Death
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

උල් ආයුධයකින් ඇණ තම පියාව ඝාතනය කල සැකකරු සොයා නාවලපිටිය පොලිසිය සහ නව කුරුදුවත්ත පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර ඇත. තම පුතා විසින් උල් ආයුධයකින් ඇණ ඝාතනය කර ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් නව කුරුදුවත්ත කෙලිගෘප් වත්තේ පදිංචි සරවණමුත්තු මහමුණි 71 හැවිරිදි දෙදරු පියෙකි. බිමත්ව සිටි පියා සහ පුතා අතර (15) දින රාත්‍රි 7.30ට පමණ අරවුලක් ඇති වි ඇති බවත්,එහිදි සිය පුතා විසින් උල් ආයුධයකින් පියාට ඇණ ඝාතනය කර සැකකාර පුතා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

සැකකාර 41 හැවිරිදි තිදරු පුතා පදිංචි නිවසට පහලින් පියා පදිංචිව සිට ඇති බවත්, දෙදෙනාම දිනපතා බිමත්ව පැමිණ ආරවුල් ඇති කර ගන්නා බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ. මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කල බව නාවලපිටිය පොලිසිය පැවසිය.