බිරිඳක් ඕනෑමයි කියා මවට පහරදී ලිංගික අතවර කළ පුතා රිමාන්ඩ්

Sexual Assault
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Report

තම මවට දරුණු ලෙස පහරදී තර්ජන කර ලිංගික අතවර සිදුකළ පුත‍්‍රයකු ඉකුත් 08 දා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තිස්තුන් හැවිරිදි අවිවාහක පුත‍්‍රයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස නිතර බලකරන බවත් ඇය පැවසීය.ලිංගික අතවර කළ දිනද තම හිස යකඩ කණුවක හප්පා පහරදුන් බවත්, ව්‍යාපාරයක් කරමින් සැකකාර පුත‍්‍රයාද නඩත්තු කරන්නේ තමන් බවත්, නිතරම නොගැළපෙන ක‍්‍රියාවන් තමන්ට සිදු කරන බවත් පැමිණිලිකාර මව වේයන්ගොඩ පොලීසියට පවසා ඇත.