සඳමාලි පාටියේදී නැටුවා මං මරන්න හදද්දී පුතාත් පැන්නා - ද්විත්ව ඝාතන කළ අනියම් සෙබළ සැමියාගේ පාපොච්චාරණය

Son
By Thaya Feb 04, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

අම්පාර - දමන ප්‍රදේශයේ කාන්තාවක සහ ඇයගේ පුතා කපා කොටා ඝාතනය කළ බව කියන යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්.) හිටපු සෙබළකු තිස්සමහාරාම ප්‍රදේශයට පලාගොස් සැගවී සිටියදී ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය කියයි. සැකකරු මෙම කාන්තාව මුහුණු පොතෙන් හඳුනාගෙන පසුව ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව කියති. අත්අඩංගුවට ගත් සැකකරු දින 03 ක කාලයක රැඳවුම් නියෝගයක් පොලිසිය ලබාගෙන ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හිටපු සෙබළෙකි.මවට පිහියෙන් කොටන අවස්ථාවේ 13 හැවිරිදි පුතා මව බේරාගැනීමට උත්සාහ කරද්දී ඔහුටද පිහියෙන් පහරදී

තිබෙන බව පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. අනේ මාමේ අම්මා මරන්න එපා යැයි කියමින් 13 හැවිරිදි ළමයා සැකකරුගේ ඇගේ එල්ලුණු අවස්ථාවේ ඔහු දරුවාටද මන්න පහර එල්ල කර ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවටගත් සැකකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයිද පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර තිබුණේ දමන පොලිස් වසමට අයත් වරාලත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි දිනේෂානි සඳමාලි කුලරත්න සහ 13 හැවිරිදි ශ්‍රීමාල් චමින්ද නමැති ඇයගේ පුතාය.