නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරියව අපයෝජනය කරලා
73 හැවිරිදි කාන්තාවකගේ අතපය ගැට ගසා ඇය භාරයේ සිටි දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා ඉදිරිපිටදී අපයෝජනය කළ බව කියන 40 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වින්දිත දැරියත් මෙම සැකකාර පුද්ගලයාත් අසල්වැසි ඥාතීන් බව පොලිසිය සඳහන් කරනවා. සැකකරු පසුගිය (04) මෙම වයස්ගත කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ අතපය බැඳ දමා වින්දිත දැරිය හා ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා කාමරයකට රැගෙන ගොස් දොර වසා දමා මරණ බවට තර්ජනය කොට සොයුරා ඉදිරියේදීම අපයෝජනය කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් 73 හැවිරිදි කාන්තාව හා අපයෝජනයට ලක්වූ දැරිය විසින් එදිනම පොලිසියට පැමිණිලි කොට තිබෙනවා. සැකකරු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය විසින් විමර්ශනයක් අරඹා තිබෙනවා.