තාත්තගේ දෙවනි බිරිද එක්ක පුතා අඹු සැමියන් වෙයි.
Srilanka
covid 19
By Sithumi
මවගේ අභාවයෙන් පසු පියා කැන්දාගෙන ආ දෙවන බිරිඳව අඹු කමට ගත් පුත්‍රයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියෝග කර තිබෙනවා.
සැකකාර පුත්‍රයා පයාගල නාගහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පියාට පහරදී එළවා දමා පියාගේ දෙවෙනි බිරිඳ සමඟ අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර අපසු ගොස් ඇත්තේ නිවසේ තිබූ රු.8000කුත් අතගාගෙනමය.
තමාට පහරදී නිවසින් එලවා නිවසේ තිබූ මුදල්ද වංචා කල බවට පියා විසින් පොලීසියට කල පැමිණිල්ලකට අනුව පුත්‍රයාව අත්අඩංගුවට ගැනුනු අතර පසුව ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
පයාගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී