සෝමාවති මාර්ගය යළිත් වසා දමයි
Road closed
By Thaya
තෙවන වතාවටත් පොළොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුලස්තිපුර පොලිසිය පවසයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි එක් ලක්‍ෂ එකොළොස් දහස ඉක්මවා ගොස් ඇති හෙයින් එහි වාන් දොරටු 10 න් දොරටු 6ක් අඩි 2 බැගින් ද වාන් දොරටු 4 ක් අඩි අඩි 1 බැගින් ද විවෘත කිරිම නිසා මෙසේ සෝමාවතිය මාර්ගය ජලයෙන් යටව තිබේ.
මේ වන විට එම මාර්ගයේ ස්ථාන කිහිපයක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවී පවතින බව සෝමාවතීය පුදබිමේ වැඩවසන හිමිවරු පවසති.