ලංකාවේ වාහන ආනයනය අහස උසට යයි - ඒ අස්සේ ලැම්බෝගිනියකුත් ගෙනත්

By Kaushi Nov 18, 2025 12:26 PM GMT
Report

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ආනයනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉකුත් මාසයේදී මෙරටට ආනයනය කරන ලද වාහන ලියාපදිංචි දත්ත ඇතුළත් නවතම වාර්තාවකට අනුව, කැපී පෙනෙන සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීම් අතරට, Porsche රථ 5 ක් (2 Cayman, 1 Carrera, 1 Macan), Bentley රථ 4 ක් (3 Flying Spurs, 1 Bantagaya), සහ තනි Lamborghini Urus මෝටර් රථයක් ලියාපදිංචි කර ඇත.

මේ අතර Mercedes-Benz වාහනය ශ්‍රී ලංකාවේ අලුත්ම සුඛෝපභෝගී ඉහළ පෙළේ වාහන ආනයන අංශයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙනවා.

ඒ මර්සිඩීස් බෙන්ස් වාහන ඒකක 28 ක් වාර්තා කරමින්.

එමෙන්ම මෙම අලුත්ම වාහන අතරට Mercedes-Benz GLB වාහන 9ක්, C-Class වාහන 3ක්, E-Class වාහන 4ක්, සහ S-Class වාහන 2ක් ද ඇතුළත් බව සඳහන්. එසේම පාවිච්චි කරන ලද (pre-owned) වාහන අංශයේද Mercedes-Benz ඉදිරියෙන් සිටින බවයි අදාළ වාර්තාවේ සඳහන්.

මාලිමා ආණ්ඩුවේ ලෙකෝ සභාපතිට කෝටි 8ක බෙන්ස් එකක් ගෙන්නලා

මාලිමා ආණ්ඩුවේ ලෙකෝ සභාපතිට කෝටි 8ක බෙන්ස් එකක් ගෙන්නලා

ඒ පෙර භාවිත කළ බෙන්ස් වාහන 54 ක් ලියාපදිංචි කරමින්. එසේම මෙයට C-Class වාහන 18ක්, E-Class වාහන 13ක්, S-Class වාහන 1ක්, සහ GLB වාහන 12ක් ද ඇතුළත් බව සඳහන්. සෙසු සුඛෝපභෝගී වාහන වෙළඳ නාම අතර, Audi ඒකක 37 ක් වාර්තා වේ.

එහි ප්‍රධාන ලෙස A3 වාහන 28කි. එමෙන්ම Lexus වාහන 15 ක් (LX 7 සහ LBX 5 ඇතුළුව) ලියාපදිංචි වී ඇත. BMW වාහන 17 ක් (X7 (2), X5 (1), X1 (4), සහ 2 Series (5) ඇතුළුව) වාර්තා කළා.

ඒ අනුව මෝටර් රථ 380 ක් වූ අතර, එය ප්‍රධාන ලෙස රුපියල් ලක්ෂ 50ට අඩුවෙන් අලෙවියට තබා ඇති BAW වාහන 263ක් සහ Wuling වාහන 79ක් ඇතුළත් වේ.

මේ අතර BYD සම්බන්ධයෙන් මෝටර් ධාරිතාව පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් වාහන රේගුවේ රඳවා තබා ගැනීම නිසා එම වෙළඳ නාමයෙන් අලුතින් ලියාපදිංචි වී ඇත්තේ වාහන 4 ක් පමණක් බව ද සඳහන්. SUV විදුලි (EV) වාහන 115 ක් ලියාපදිංචි වී ඇති අතර GAC වාහන 46ක් සහ ෂැංගන් වාහන 30ක් ලියාපදිංචි කර ඇත. BYD වාහන 27 ක් (ATTO-2 වාහන 19 ක් ඇතුළුව) වාර්තා කර ඇත.

BYD අලෙවිය 63%කින් බිමට

BYD අලෙවිය 63%කින් බිමට

එසේම ද්වි රෝද රථ EV ලියාපදිංචි කිරීම් වාහන ගණන 3,478 කි. Yadea වාහන 1,799 ක් මෙම අංශයේ ප්‍රමුඛ වී ඇති බව ද දැක්වේ. නවතම වාර්තාවලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී සුඛෝපභෝගී වාහන ආනයනයෙන් රජයට රුපියල් බිලියන 98 ක බදු ආදායමක් ලැබී ඇති බව පෙන්වා දෙයි.

එසේම ඔක්තෝබර් මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙන ආකාරයට එම මාසයේදී සමස්ත විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම් ගණන 4,025 ක් වේ.

පසුගිය වසරට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී රජයේ බදු වැඩිවීම රුපියල් බිලියන 154.5 ක් වූ අතර, මෙම වැඩිවීම තුළ ආසන්න වශයෙන් 63.6% ක් වාහන ආනයනයෙන් ලද බදු බවට අඳාළ වාර්තාවෙන් අනුමාන කරයි.

මේ අතර සැප්තැම්බර් මාසය සඳහා පෞද්ගලික වාහන ආනයනයෙන් රජය මඟින් එකතු කරන ලද බදු ප්‍රමාණය ආසන්න ලෙස රුපියල් බිලියන 82 කි.

ඒ අනුව වාණිජ වාහන බදු රුපියල් බිලියන 16 ක ආදායමක් ලැබී ඇත. එබැවින් සැප්තැම්බර් මාසයේදී ලැබුණු මුළු බදු ආදායම රුපියල් බිලියන 98 ක් වේ. JB Securities Ltd. හි ප්‍රධාන විධායක නිලධාරී සහ Advocata ආයතනයේ සභාපති මූර්තාසා ජාෆර්ජී සඳහන් කළේ,

"මෙම ඇස්තමේන්තුව ආනයනය කරන අවස්ථාවේදී එකතු කරන බදු පමණක් ග්‍රහණය කර ගන්නා අතර අතිරේක VAT, වෙළෙන්දන්ගේ ආන්තිකයන්, සහ SSL සලකා බලන විට සැබෑ දායකත්වය මීට වඩා ඉහළ" බවයි.

පොලිසියට සුබ පණිවුඩයක්

පොලිසියට සුබ පණිවුඩයක්

ඊට අමතරව මේ වසරේ තුන්වන කාර්තුවේදී (Q3) වාහන ආනයනයෙන් ලැබුණු මුළු බදු ආදායම රුපියල් බිලියන 248 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

ජාෆර්ජී කියා සිටියේ පසුගිය වසරේ තුන්වන කාර්තුවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 7.457 ක් වූ අතර, වාහන බදු පමණක් 2025 තුන්වන කාර්තුවේ නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනයෙන් 3.32% කට දායක වූ බවයි.

එමෙන්ම පෞද්ගලික වාහන ආනයන තහනම පෙබරවාරි 1 වන දින ඉවත් කිරීමත් සමඟම මෙරට මාර්ගවල නව වාහන විශාල ප්‍රමාණයක් දැකගත හැකි බවයි.

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්