වියට්නාමයේ නායයෑමකින් පුද්ගලයින් 7දෙනෙක් මරුට

Report

වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ ඊයේ (17) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කාන්හෝවා ප්‍රදේශයේ ගමන් කරන බස් රථයකට කඩා වැටුණු පස් වැටීම් හේතුවෙන් මෙම ජීවිත හානිය සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර, තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පස් යටවීම හේතුවෙන් අතුරුදන් වී ඇති බවද සඳහන්. මෙම නායයෑම් වියට්නාමයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදු වී තිබේ.

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

අතුරුදන් වූ පුද්ගලයින් සොයා විශාල මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වේ.

තවද, වියට්නාමයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගවල අධික වැසි හේතුවෙන් නායයෑම් කිහිපයක් ඇති වී ඇති අතර, කඳුකර මාර්ග කිහිපයක ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ඒ අවට ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කරමින් පවතී.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට