ප්‍රසිද්ධ පාසලක සිසුවා අපයෝජනය කළ ගුරුවරා රිමාන්ඩ් හංගපු ප්‍රින්සිපල්ට ඇප - මීට කළිනුත් පැමිණිලි තිබිලා

Report

වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා අද (18) දින නියෝග කර ඇත.

එසේම අඳාළ සිදුවීම වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාව ලක්ෂ දෙකක ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමටත් මෙහිදී නියෝග කර තිබෙනවා.

මොරටුව පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අඳාළ පාසලේ ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන්කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා මොරටුව පොලීසිය ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට ගුරුවරයෙක් සහ විදුහල්පති අත්අඩංගුවට

ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට ගුරුවරයෙක් සහ විදුහල්පති අත්අඩංගුවට

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 58 සහ 59 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පාසල් රථ වාහන නියාමක භාර ගුරුවරයෙකු වන අතර ඔහුට විරුද්ධව තවත් පැමිණිලි ඇති බව වාර්තා වේ.

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්