නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ශ‍්‍රීලනිපය විරුද්ධ වේ…

India SLFP
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Report

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කරයි.

එම පක්‍ෂ නායක මහිටපු ජනාධිපතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ‍්‍රීලනිපය සිටින්නේ එම ස්ථාවරයේ බවයි.

තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව මෙම පර්යන්තය ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන් බවත් ඔහු සඳහන් කළේය.

නැගෙනහිර පර්යන්තය කිසිම විදේශ රටකට ලබා නොදෙන බවත් තමන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී ප්‍රතිඥාවක් දුන් බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කලුතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.