මෛත‍්‍රීට පාස්කු චෝදනාවෙන් ශ‍්‍රීලනිපය කෝපවෙයි.. වහා රැස්වී තීන්දු රැසක් ගනී..

SLFP Maithri
By Thaya Feb 25, 2021 05:52 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ රැස්වී තීන්දු රැසක්ම ගෙන තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත් වීය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන්නැයි කොමිෂන් වාර්තාවෙන් දැනුම් දීමෙන් පසු මෙම හමුව පැවැත්විය. එහිදී සාකච්චා වී ඇත්තේ මෙම චෝදනා ගොනු කිරීම සිදුව ඇත්තේ කිසියම් දේශපාලන මැදිහත්වීමක් මත විය හැකි බවයි. මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ විධායක සභාවේ දී ද සාකච්ඡාවට ගන්නා බවයි.