තිසර පෙරේරා ගෙන් පිට පිට හය හයක්

Cricket
By Thaya Mar 30, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

පන්දු ඕවරයකදී හයේ පහරවල් 6ක් එල්ල කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට තිසර පෙරේරා සමත්ව තිබේ. ඒ ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන තිසර පෙරේරා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවති පන්දු ඕවර 50 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේදී ඩිල්හාන් කුරේ විසින් යවන පන්දු ඕවරයකදී මෙම දස්කම දැක්වීමට සමත්විය. තිසර පෙරේරා පන්දු 13කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර එය මෙරට පිතිකරුවෙකු විසින් රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය වේ. මිට පෙර කෞශල්‍ය වීරරත්න විසින් පන්දු 12කදී අර්ධ ශතකයක් වාර්තා කර ඇත. ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී පිට පිට පන්දු 06කදී හයේ පහරවල් 6ක් එල්ල කළ 09 වන පිතිකරුවා වන්නේද තිසරය.

මිට පෙර එම දස්කම දැක්වූ පිතිකරුවන්

1. Sir Garfield Sobers (1968)

2. R Shastri (1985)

3. H Gibbs (2007)

4. Yuvraj Singh (2007)

5. Ross Whitely (2017)

6. Hazratullah Zazai (2018)

7. Leo Carter (2020)

8. K Pollard (2021)

9. T Perera (2021)


ReeCha