කොටහේන ඝාතනයකට සම්බන්ධ හය දෙනෙක් අත් අඩංගුවට
By Kanchana
කොටහේන මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොටහේන පොලිස් වසමේ 16වන පටුමග ප්‍රදේශයේදී පසුගිය 7 වෙනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ,එම අපරාධයට ආධාර අනුබලදුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
තවද මෙම සැකකරුවන් අවුරුදු 18ත් 33ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වේ .
පොලිසිය සදහන් කළේ මෙම සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි .
ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධව තව දුරටත් විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.