දෙවියනේ පොලීසියේ 6ක් එකතු වෙලා පියෙකුට පහර දීලා
යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණ වී පියෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය ප්රකාශ කරයි.
ඊයේ (24) රාත්රි 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමේ කිරිඳිවිට ප්රදේශයේදී මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ප්රහාරයට ලක්වූ බව සඳහන්.
මෙලෙස තුවාල ලැබූ ඇග්රෝ ටෙක්නිකල් ෆාම් වරාදල මැල්ලවගෙදර ලීපිනයේ පදිංචි විතාරණගේ මිලාන් ප්රියදර්ශණ පියතුමා මීගමුව රෝහලට ඇතුලත්ව ප්රතිකාර ලබන බවද පොලිසිය කියයි.