ඇමරිකාවේ වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මරුට

Report

එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නුවරදී ෆෙඩරල් සංක්‍රමණ හා සීමා ආරක්ෂක නිලධාරීන්වි සින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මිය ගොස් ඇති අතර, මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි විරෝධතා රැල්ලක් මතු වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මිනියාපොලිස් VA රෝහලේ ICU හෙද නිලධාරියෙකු ලෙස සේවය කළ ඇලෙක්ස් ජෙෆ්‍රි ප්‍රෙට්ටි (Alex Jeffrey Pretti) නමැති 37 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකි. සිදුවීම ජනවාරි 24, 2026 දිනයේ සිදු වූ බව වාර්තා වේ.

ෆෙඩරල් බලධාරීන් පවසන පරිදි, මියගිය පුද්ගලයා සතුව ගිනි අවියක් තිබූ අතර, නියෝජිතයන්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීමට උත්සාහ කළ බැවින් ස්වයං ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමට සිදු වූ බවයි. මෙය මෙම මාසය තුළ මිනියාපොලිස් නුවරදී ෆෙඩරල් නිලධාරීන් සම්බන්ධයෙන් සිදු වූ දෙවන මරණීය වෙඩි තැබීම ලෙස සැලකේ.

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මගින් බලධාරීන්ගේ ප්‍රකාශය අභියෝගයට ලක් වී ඇත. එම දර්ශනවල දැක්වෙන්නේ මියගිය පුද්ගලයා විරෝධතාවය අතරතුර සිය ජංගම දුරකථනයෙන් සිදුවීම පටිගත කරමින් සිටියදී ආරක්ෂක නියෝජිතයන් ඔහුට පහර දී වෙඩි තබන ආකාරයයි. මිනියාපොලිස් පොලිස් ප්‍රධානී ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයා නීත්‍යානුකූලව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමට අවසර ඇති, අපරාධ වාර්තා නොමැති පුරවැසියෙකු බවයි.

මෙම සිදුවීමත් සමඟ මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් ඇතුළු ප්‍රාදේශීය නායකයන් ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණ බලහත්කාර ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇත. ආණ්ඩුකාරවරයා ෆෙඩරල් නිලධාරීන් මිනසෝටාවෙන් ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.

විගණකාධිපතිවරයකු නැති හින්දා කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ

විගණකාධිපතිවරයකු නැති හින්දා කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මෙම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය නායකයන්ට චෝදනා කරමින්, ඔවුන් ජනතාව කැරලි ගැසීමට පොළඹවන බව ප්‍රකාශ කර ඇත.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නගරයේ ආරක්ෂාව සඳහා මිනසෝටා ජාතික ආරක්ෂක බලකාය (National Guard) කැඳවා ඇති අතර, ප්‍රධාන ක්‍රීඩා තරග, පොදු ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. විරෝධතාකරුවන් සිය ගණනක් මියගිය පුද්ගලයාගේ සිහිපත් කිරීමේ ස්ථානය වටා රැස් වී ඇති බව වාර්තා වේ.

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?