රක්ෂිතයකින් ගංජා හේන් හයක් හමුවෙයි. වගා කරුවන්ට සිදුවු යේ කුමක්ද?..
සුරියආර ,තනමල්විල ,කිවුල හා කහකුරුල්ලන් පැලැස්ස රක්ෂිතයේ මහා පරිමානයෙන් වගා කර තිබු රුපියල් ලක්ෂ දහයක් වටිනා ගංජා හේන් හයක් 6 සමගින් සැකකරුවන් හය දෙනෙකු ඊයේ (11) මොනරාගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගංජා හෙන්වල තිබී අඩි හතරක් පමණ උසට සරුවට වැඩි තිබු ගංජා ගස් 9000 ක් පමණ ගලවා විනාස කල බව මොනරාගල සුරාබදු ස්ථානාධිපති දයනන්ද රංවල මහතා පවසයි. සැකකරුවන් තනමල්විල කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් එළවළු වගාකරන මුවාවෙන් ගංජා හේන් දෙකක්ද , අලිවැට ආසන්නයේ තවත් ගංජා හෙන් හතරක්ද ඉතා රහසිගතව වගා කර තිබු බව මොනරාගල සුරාබදු ස්ථානාධිපති දයානන්ද රංවල මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් ට ල ද තොරතුරකට අනුව රක්ෂිතය පිරා ගොස් අලිනගෙන් බේරී ,මරඋගුල් හා බොරු වලවල් වලින් බේරී ගොස් ගංජා වගා කරුවන් කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරියේදී ඉදිරිපත් කිරිමට නියමිතය. බදුල්ල සහකාර සුරාබදු කොමසාරිස් එන් .සුසාදරන් ,සුරාබදු අධිකාරී කපිල විජේසිංහයන මහත්වරුන්ගේ උපදෙස් මත,මොනරාගල සුරාබදු ස්ථානාධිපති දයානන්ද රංවල ,මහතාගේ අධීක්ෂණය යටතේ සැරයන් අ,ජිත් රත්නායක ,කෝප්‍රල්වරුන්වන 777 ජයසිංහ,836 දුමින්ද රත්නායක ,837 මංජුල රංජිත්,නියාමක වරුන්වන 1187චානක මධුසංක,1ින් බ189 ගිහාන් සේනාරත්න ,රියදුරු හෙන්නායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
ගංජා හේන් 6 ක් වටලා සැකකරුවන් 6 පැල 9000 ක් අඩි 4 ක් පමණ උසට සුරියආර ,තනමල්විල ,කිවුල ,කහකුලන්පැලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවන් හේන් වම්බටු හා මිරිස් වගාවන් සමග හේන් 2 ක්ද ,අලිවැට අද්දර ගංජා වගා කර තිබුණා. වගා ලිං කපලා ජලය සපයා තිබුණා. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බදුල්ල සහකාර සුරාබදු කොමසාරිස් එන් .සුසාදරන් ,සුරාබදු අධිකාරී කපිල විජේසිංහයන මහත්වරුන්ගේ උපදෙස් මත,මොනරාගල සුරාබදු ස්ථානාධිපති දයානන්ද රංවල ,මහතාගේ අධීක්ෂණය යටතේ ,සැරයන් අ,ජිත් රත්නායක ,කෝප්‍රල්වරුන්වන 777 ජයසිංහ,836 දුමින්ද රත්නායක ,837 මංජුල රංජිත්,නියාමක වරුන්වන 1187චානක මධුසංක,1ින් බ189 ගිහාන් සේනාරත්න ,රියදුරු හෙන්නායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

