ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි..කරුණාකරන අයට දැනුම්දීමක්..

Ratnapura Hatton Buddhism
By Aruna Dec 26, 2023 08:28 AM GMT
Aruna

Aruna

Report

2023-2024 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (26) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රි පාදස්ථානාධිපති ධර්ම කීර්ති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසා සිටිනවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් ඊයේ(25) දින වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් අද සිදුකෙරිණි.

බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ, ඉන් අනතුරුව අද(26) උදෑසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබු බවයි.

ඒ අනුව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු හිරිහැරයක් නොවන සේ කටයුතු කරමින් ශ්‍රි පාද පුද බිමට පිවිසෙන මාර්ගය දෙපස පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය මුදා නොහැර පුජනිය ස්ථානයක් ලෙස සලකා ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි උන්වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටියේ.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට ඊයේ (25) දින වැඩම්මවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්වීම සදහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැදි සිටියා.

බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ, ඒ හේතුවෙන් හැටන් මාර්ගය ඔස්සේ ගමන් ගත් පෙරහැර ශ්‍රි පාද මළුව දක්වා වැඩම කිරීම අද(26) අලුයම දක්වා ප්‍රමාද වු බවයි.

බලංගොඩ බගවන්තලාව මාර්ගයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සහ ප්‍රදේශවාසින්ට බගවන්තලාව ප්‍රදේශයේ සිංහල, දමිල, මුස්ලිම් ප්‍රජාව එක්ව ඊයේ(25) දන්සැලක්ද සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.

ReeCha